ආරම්භය 1928

අප මහා ශාක්‍යසිංහ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල බුදු දහම රැගෙන ශ්‍රී ජම්බූද්දීපයට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය හා මෙරට තුල සිදුකල සාමාජීය දියුණුව සිහිපත් කිරිම උදෙසා, එයට පූජෝපහාර දැක්වීම වශයෙන් 1928 ජුනි මස 15 වන දින රාගම වල්පොල ඓතිහාසික පොසොන් මහා පූජොත්සවයට සමගාමීව මහා පෙරහැර මංගල්‍යයක් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව වීදි සංචාරය කිරිම ආරම්භ කර ඇත.

සියවසකට අධික ඉතිහාසයකට උරුමකම් කියන රාගම, වල්පොල ග්‍රාමයේ පිහිටි ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහා පිරිවෙන් විහාරස්ථානයට අනුබද්ධ ව ස්ථාපිත කෙරූ "ශ්‍රී බාලාභිවෘඞිවර්ධන" සමිතිය මඟින් වර්ෂ 1928 සිට අඛණ්ඩව මේ දක්වා මෙම පෙරහැර මංගල්‍යය ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වාගෙන එනු ලබයි.

ඈත ඉතිහාසය දෙස විමසා බලන කල පූජ්‍ය හතරලියැද්දේ සීලරත්න නම් ස්වාමීන්වහන්සේ ගේ අනුශාසනා පරිදි "වල්පොල සංගමය" විසින් කුඩා මල් පෙරහැරකින් ආරම්භ කරන ලද මෙම පෙරහැර අද වන විට ලංකාවේ පවතින පෙරහැර අතර ඉතා සුවිශේෂි මහා සංස්කෘතික මංගල්‍යයක් ලෙස වර්ෂයක් පාසා වීදි සංචාරය කරනු ලබයි.

පෙරහැර මංගල්‍යය පැවැත්වීමට පෙර විශේෂ පිංකම් මාලා රැසක් සිදු කිරීම වර්තමානයේ සිදුකරනු ලබයි. සෑම වසරකම පොසොන් පුන් පොහොය දිනට පෙර දින රාත්‍රියේ අවසන් මහ පෙරහැර වීදි සංචාරය කිරිම සිදු කරේ. අවසන් මහා පෙරහැර ට පෙර දින හතක් මුළුල්ලේ බෝධි පූජා පෙරහැරවල් හයක් සහ ධර්ම දේශනා මාලාවක් පවත්වනු ලබයි. ඒ සඳහා රාගම, වල්පොල, පොල්පිතිමුකලාන, බටුවත්ත, නාරංගොඩපාළුව යනාදි ප්‍රදේශ තුළ පිහිටි විහාරස්ථාන, පාසල්, දහම් පාසල් සහා අනිකුත් සමිති සමාගම් වල දායකත්වයෙන් මෙම පිංකම් මාලාව හා බෝධි පූජා පෙරහැරවල් පවත්වනු ලබයි.

ශ්‍රී ලාංකික සංස්කෘතිය හා ප්‍රෞඩත්වය විදහාපාමින් පෙරහැරක අඩංගු වියයුතු සියලුම අංගයන් ගෙන් අප පෙරහැර සමන්විත වනු ලබයි.පෙරහැරේ මූලික අංගය වශයෙන් ගමන් කරන කසකරුවන්ට පසුපසින් වර්තමාන ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රසිද්ධියක් උසුලන "වල්පොල ගිනිකෙළි" නමින් ප්‍රසිද්ධ ජනාධිපති සම්මානයට පාත්‍ර වූ ගිනිකෙළි කණ්ඩායම ද ගමන් කරනු ලබයි. මෙම කලාකරුවන් පිරිසද අප පෙරහැර මූලික කොටගෙන බිහිවීම ඉතා ආඩම්බරයෙන් සිහිපත් කර සිටිමු. උඩරට, පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන්ට ආවේණික සියලුම නර්තන අංගයන්ගෙන් සහ ලංකාවේ විවිධ ප්‍රදේශයන් ට ආවේණික වූ නර්තන අංගයන් ද අප පෙරහැර තුළ දක්නට ලැබීම ඉතා සුවිශේෂි කරුණකි. පෙරහැර තුළ ගමන්ගන්නා අලි ඇතුන් අතර ධාතු කරඬුව සහිත මංගල හස්තිරාජයා ඉතා විශේෂ ස්ථානයක් ගනි. මේ සදහා ලංකාවේ ඉමහත් ජනාදරයට පාත්‍රවූ "නැඳුන්ගමුවේ රාජා" හස්තියා වර්ෂ කිහිපයක් මුළුල්ලේ අප පෙරහැර හා සම්බන්ධ වී තිබිම විශේෂ කරුණකි. එමෙන්ම ධාතු කරඬුවට අමතරව අප මහා බෝසතානන් වහන්සේ විසින් වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අඩංගු පිරුවානා පොත් වහන්සේ ද මංගල හස්තිරාජයෙකු පිට වැඩමකරවීම සිදු කරනු ලබයි. පෙරහැර අවසානයේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ රුව රැගත් විශේෂ රථයක් ගමන් කිරිම මෙම පෙරහැර තුළ දක්නට ලැබෙන විශේෂ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

තවද අප පෙරහැරේ සුවිශේෂි අංගයක් ලෙස දැකිය හැකි කරුණක් නම් පෙරහැර වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගීතයයි. හෙල ජන සමාජය හා සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව වාර්ෂික පවත්වාගෙන යනු ලබන මෙම පුණ්‍ය මංගල්‍යය තවත් චිරාත් කාලයක් පවතීවා යන්න අප සැමගේම ඒකායන පැතුමයි.

2024-2025 නිලධාරී මණ්ඩලය

ප්‍රධාන පැවිදි අනුශාසක මණ්ඩලය
  • වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් මහ විහාරාධිපති, පිරිවෙන් කෘත්‍යාදිකාරි මුළු දිවයිනටම සාම විනිසුරු පුජ්‍යපාද කළුවගල විමලසාර නාහිමි.
  • වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් මහ විහාරස්ථානය ඇතුළු විහාර ඝනයේ භාරකාර මුළු දිවයිනටම සාම විනිසුරු පුජ්‍යපාද පොල්පිතිමුකලානේ විමලරතන නාහිමි.
  • සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අළුත්කුරු කෝරලයේ උප ප්‍රධාන සංඝනායක ජා-ඇල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති රාගම ඉහළගම ශ්‍රී සුගතාරාම විහාරය ඇතුළු විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ධම්මරක්ෂිත සිරිනිවාස ගිලාභෝජස්ථාන විභූෂණ පුජ්‍යපාද තුරුවිල විමලධම්ම නාහිමි.
  • අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ ගාලු පළාත් සංඝ සභාවේ මහා මහෝපාද්‍යාය විශ්‍රාමලත් විදුහල්පති, වල්පොල සිරි සුදත්තාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍යපාද හොරේවෙල ධම්මික නාහිමි.
  • සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ සිතාවේ සිව් කෝරළයේ විශේෂ අධිකරණ සමත බලසම්පන්න ද්විතීය සංඝනායක නාරංගොඩපාළුව රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල් මහා විහාරාධිපති, සද්ධම්ම කීර්ති ශ්‍රී පේමරතන පුජ්‍යපාද සිවිරළුමුල්ලේ සුමනරතන නා හිමි.
  • වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන් මහා විහාරවාසී ගම්පහ දිස්ත්‍රික් පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රාස්ත්‍රපති පුජ්‍යපාද ගලහ පඤ්ඤාසාර හිමි.
  • වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන් මහා විහාරාධිකාරී, පරිවේනාධිපති, ශ්‍රී ගුණානන්ද ධම්ම විද්‍යාලයාධිපති ශ්‍රාස්ත්‍රපති පුජ්‍යපාද සිරිමල්ගොඩ විමලජෝති හිමි.
  • වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන් මහා විහාරවාසී වල්පොල ධර්මරතන විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, ශ්‍රාස්ත්‍රපති පුජ්‍යපාද වල්පොල අනෝමදස්සී හිමි.
  • වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන් විහාරවාසී මුළු දිවයිනටම සාමවිනිසුරු පුජ්‍යපාද වල්පොල නාලක හිමි.
  • පොල්පිතිමුකලාන ශ්‍රී වජිරවංශාරාමාධිපති නායක හිමිපාණන් වහන්සේ.
  • වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන් විහාරවාසී ශ්‍රාස්ත්‍රපති පුජ්‍යපාද වල්පොල සෝනුත්තර හිමි.
  • පොල්පිතිමුකලාන අශෝකාරාම විහාරවාසී හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය ගුවන්විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රපති පුජ්‍යපාද පොල්පිතිමුකලානේ පඤ්ඤාසිරි හිමි.
  • වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් මහා විහාරවාසී පුජ්‍යපාද ඉහළගම ධම්මරක්ඛ්ත හිමි.
ප්‍රධාන ගිහි අනුශාසක මණ්ඩලය
  • හිටපු දිසා විනිසුරු දේශබන්ධු ලංකාපුත්‍ර ජී.ඩී. කුලතිලක ධර්මසිරි මයා.
  • ජී.ඩී. ජයදාස මයා.
  • ඒ.ඩී. උපවංශ මයා.
  • දේශමාන්‍ය, දේශබන්දු, දේශ කීර්ති, ලංකා පුත්‍ර ගෞරව සම්මාන ලාභී සූරීයගේ නිහාල් රූපසිංහ මයා.
  • පී.පී. සිරිවර්ධන මයා.
  • පී.සී. දයාරත්න මයා.
  • එම්.ඩී.එම්. ජයතිස්ස මයා.
  • කලාභූෂණ සම්මානලාභී ඊ.ඩී. තිලකරත්න මයා.
  • නිමල් එදිරිසිංහ මයා.
  • ජේ.ඒ. රසික සම්පත් මයා.
  • සුගත් දයා සිරිතුංග මයා.
  • අනුර කුලසූරිය මයා.
  • ඉන්දික කුමාර ජයසිංහ මයා.
ප්‍රධාන නිලධාරී මණ්ඩලය
  • ප්‍රධාන උපදේශක - සාමවිනිසුරු විද්‍යාවේදී හිටපු ගරු සභාපති පී. ආර්. ගාමීණී සිරිසේන මයා.
  • ප්‍රධාන උපදේශක - සාමවිනිසුරු හිටපු ගරු ප්‍රධාන සංවිධායක ආර්. ඩී. ප්‍රේමකුමාර සිරිසේන මයා.
  • ප්‍රධාන සභාපති - මුළු දිවයිනටම සාමවිනිසුරු සුසන්ත නිහාල් මයා.
  • ප්‍රධාන ලේකම් - සංජීව රුවන් මයා.
  • උප සභාපති - මංජුල රසික දයාරත්න මයා.
  • උප සභාපති - විද්‍යාවේදී ප්‍රමුදිත කෞෂල්‍ය සිරිසේන මයා.
  • උප ලේකම් - නිශාන් භානුක අබේගුණවර්ධන මයා.
  • උප ලේකම් - මුළු දිවයිනටම සාමවිනිසුරු ඉන්දික පුෂ්පකුමාර මයා.
  • ප්‍රධාන භාණ්ඩාගාරික - ආනන්ද තිස්ස සමරසිංහ මයා.
  • උප භාණ්ඩාගාරික - එස්.ඒ. සමන්ත සුබසිංහ මයා.
  • උප භාණ්ඩාගාරික - ලලිත් දිසානායක මයා.
  • ප්‍රධාන සංවිධායක - මංජුල රත්න කුමාර අමරසිංහ මයා.
  • ප්‍රධාන සංවිධායක - මෙත්තානන්ද පීරිස් මයා.
  • ප්‍රධාන සංවිධායක - කලාභූෂණ සම්මානලාභී ඊ.ඩී. තිලකරත්න මයා.
  • ප්‍රධාන සංවිධායක - අංජන පුෂ්ප කුමාර සමරසිංහ මයා.
  • ප්‍රධාන සංවිධායක - උපුල් ධර්මදාස මයා.
  • ප්‍රධාන සංවිධායක - එස්.ඩී. නිපුන මධුෂාන් සිරිතුංග මයා.
  • ගිණුම් පරීක්ෂක - ශ්‍රාස්ත්‍රවේදී සමන් පණ්ඩිතරත්න මයා.
  • නියෝජ්‍ය ගිණුම් පරීක්ෂක - කසුන් අලන්කාර මයා.
  • සම්බන්ධීකරණ ලේකම් (ආරක්ෂක) - ශ්‍රාස්ත්‍රවේදී චමින්ද හේවගේ මයා.
  • ජ්‍යෙෂ්ඨ ප්‍රචාරක නිලධාරී - සාම විනිසුරු විෂ වෛද්‍ය හා දෛවඥ පාලිත රණමුක මයා.
  • ජනමාධ්‍ය නිලධාරී - මාධ්‍යවේදී චාමර රුවන් මයා
  • ජනමාධ්‍ය නිලධාරී - රජිත මනෝජ් මයා
  • විශේෂ ව්‍යාපෘති නිලධාරී - වානිජවේදී සංජය රාජපක්ෂ මයා
  • ප්‍රධාන පරීක්ෂක - ආර්.ඩී. කීර්ති විමලසිරි මයා
  • නියෝජ්‍ය පරීක්ෂක - කෞෂල්‍ය ඉන්ද්‍රජිත් මයා.
  • නියෝජ්‍ය පරීක්ෂක - ඉන්දික ප්‍රසන්න සමරසිංහ මයා.
  • ජ්‍යෙෂ්ඨ විදුලි කටයුතු සම්බන්ධීකාරක - රන්ජිත් සුනිල් මයා.
  • නියෝජ්‍ය විදුලි කටයුතු සම්භන්ධීකාරක - රන්ජක නුවන් සමන්ප්‍රිය මයා.
  • නියෝජ්‍ය විදුලි කටයුතු සම්භන්ධීකාරක - මිහිරාන් සුරේන්ද්‍ර මයා.
ජේෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී මණ්ඩලය
  • අනුර කුලසූරිය මයා.
  • සුජිත් ප්‍රියන්ත මයා.
  • එඩ්.ඩී. චන්ද්‍රසේන මයා.
  • ගාමිණි සරත් මයා.
  • එම්.ඩී. රත්නපාල මයා.
  • රවී ප්‍රභාත් සංජීව මයා.
  • ජනාධිපති සම්මානලාභී සම්පත් ධම්මික තිලකරත්න මයා.
  • බුද්ධික රූපසිංහ මයා.
  • එච්.ඒ.ඩී. දේවින්ද නිලාන් සංජීව මයා.
  • නලින් මධුසංක කුමාරසිරි මයා.
  • හෂාන් තිලකරත්න මයා.
  • පී.කේ. වසන්ත රෝයි මයා
  • එස්.කේ.රුවන් නිශාන්ත සුභසිංහ මයා.
  • කවිදු නුවන්ත ආරියසේන මයා.
  • බුද්ධික අතුල කුමාර මයා.
  • සමිත ප්‍රසාද් මයා. සුපුල් සදුන් මයා.
  • සුනිල් හේමචන්ද්‍ර මයා.
  • කෝසල සඳරුවන් මයා.
  • අසන්ත කුමාර මුණසිංහ මයා.
  • ජනක ප්‍රදීප් කරුණාරත්න මයා.
සම්බන්ධීකරණ ලේකම්වරු
  • විමල් වීරරත්න මයා.
  • සචිත් මධුසංක මයා.
  • දිලීප කසුන් මයා.
ගරු සාමාජික
  • එච්.ඩී.කේ. ධර්මරත්න මයා.
  • සාමවිනිසුරු පී.එච්. සිරිසේන මයා.
  • ආර්.ඩී.එස්. සිරිසේන මයා.
  • එච්.ඩී. සිරිවිමල් ගුණරත්න මයා.
  • සාමවිනිසුරු, දේශකීර්ති නිමල් කරුණාතිලක මයා.
සාමාජික මණ්ඩලය
  • සාමවිනිසුරු විද්‍යාවේදී හිටපු ගරු සභාපති පී.ආර්. ගාමිණි සිරිසේන මයා.
  • සාමවිනිසුරු හිටපු ගරු ප්‍රධාන සංවිධායක ආර්.ඩී.ප්‍රේමකුමාර සිරිසේන මයා.
  • දේශබන්ධු, දේශශක්ති, ධම්මදීප ලංකාපුත්‍ර, සඳහම් ආචාර්‍ය් එස්. සුරේෂ් කුමාර මයා.
  • අජිත් කරුණාරත්න මයා.
  • රෝහිත සුමනරත්න මයා.
  • ශාස්ත්‍රපති බුද්ධික මහේෂ් රූපසිංහ මයා.
  • එස්.ඩී. පවිත්‍ර මධුසංක මයා.
  • අනුරාධ සංජීව කුමාර මයා.
  • ආර්.ඩී එස්.ප්‍රදීප් විජේකුලරත්න මයා.
  • ආර්.ඩී.ඕෂධ චතුරංග මයා.
  • එච්.ඩී. ගයාන් කුමාර චන්ද්‍රසේන මයා.
  • ආර්.ඩී. චතුරංග මදුෂාන් විමලරත්න මයා.
  • එස්.ඩී.ඩිලාන් රශ්මික කෞශල්‍ය කුමාර මයා.
  • විද්‍යාවේදී ආසිරි විශ්වජිත් මයා.
  • ඩබ්ලිව්. දීපවංශ ගුණවර්ධන මයා.
  • පී.එච්.රුවන් නාලින්ද මයා.
  • කේ.ඒ. හසාන් දේවින්ද මයා.
  • නුවන් සම්පත් මයා.
  • එච්.එම්.දිලීප කසුන් චාමර මයා.
  • විද්‍යාවේදී ආර්. උවිදු විකුම් ජයසිංහ මයා.
  • එච්.ඩී.මදුසර උදයංග මයා.
  • එචි.ඩී. චින්තක ධනංජය කුමාර මයා.
  • අර්.එස්.එස්. සූදීර සෙනෙවිරත්න මයා.
  • එස්.එච්.සෂිත කීර්තිරත්න මයා.
  • ඒ.ඩී. ආකාෂ් අනුත්තර විජේතුංග මයා.
  • කවින්ද සදුන් ජයසිංහ මයා.
  • කේ.ඩී. වෙනුර ලක්මාල් මයා.
  • චමෝද් තාරුක මයා.
  • ජී. කවිදු කවීශ්වර මයා.
  • ඩබ්. නුවන් ඉරේෂ මයා.
  • ඩබ්.ඒ. ප්‍රදීප් කුමාර මයා.
  • ඩී.කේ. අරුණ ප්‍රසාද් කුමාර මයා.
  • ඩී.පී. ලහිරු සඳරුවන් මයා.
  • තසිදු දහම් මයා.
  • තිළිණ දිල්ෂාන් තිලකරත්න මයා.
  • දමිත නිර්මාල් මයා.
  • නිපුන ප්‍රදීප් මයා.
  • කේ.ඒ. කණිෂ්ක සඳරු මයා.
  • පි.ජී. කල්ප නිමේෂ් මධුවන්ත සිල්වා මයා.
  • පී.ඩී.මදූෂ කාවින්ද අමරසිංහ මයා.
  • පී.බී. සමීර විජේරත්න මයා.
  • ප්‍රදීප් විජේකුලරත්න මයා.
  • ලක්ෂ්මන් තිලකරත්න මයා.
  • ලහිරු කුමාර මයා.
  • ලහිරු සඳරුවන් මයා.
  • විහඟ ලහිරු මයා.
  • මදුර ප්‍රියංජන මයා.
  • යසුරු සංකල්ප මයා.
  • රංග සුභාෂ් මයා.
  • හෂාන් ප්‍රනීත් මයා.
  • එච්.ඩී.එස්. අමල් විජේරත්න මයා.
  • යූ.එල්.එච්. සස්මිත ලියනගේ මයා.
  • කවිදු සුරන්ජන නිශ්ශංක මයා.
  • එච්.ඩී. බන්දුල ප්‍රසන්න මයා.
  • කේ.ඒ.ඩී පාලිත පද්මසිරි මයා.